This email address is being protected from spambots. You need JavaScript enabled to view it. and This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ගරු. රාජ්‍ය අමාත්‍යතුමාගේ මහජන දිනය සෑම සඳුදා දිනකම (2022-09-26 සිට) පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා පැවැත්වේ.කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම මඟින් ඔබට ගරු. රාජ්‍ය අමාත්‍යතුමා හමු විය හැකිය. දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම පහත සබැඳියට පිවිසීම මඟින් හෝ පහත අංකය (+94-112687637/+94-112687510) ඇමතීම මඟින් සිදු කළ හැකිය. 

 Book an Appointment

“Online application for Interest Free Student Loans Scheme opens from 21st December, 2020 to 31st January, 2021 for the students who have qualified for higher education based on the results of G.C.E.Advanced Level examination in the years of 2017, 2018 & 2019 . For more information please visit the website www.studentloans.mohe.gov.lk"

www.studentloans.mohe.gov.lk

 “2017, 2018 හා 2019 වර්ෂවල අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල මත උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මාර්ගගත අයදුම්පත් කැඳවීම 2020.12.21 සිට 2021.01.31 දක්වා ආරම්භ කර ඇත. වැඩිදුර විස්තර සඳහා අපගේ www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න."

" විදේශ නිවාඩු අනුමත කිරීමේ මාර්ගගත වැඩසටහන "

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා විදේශීය නිවාඩු අනුමත කිරීම සාම්ප්‍රදායික ආකාරයෙන් සිදු කිරිමේ දී නිවාඩු අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සිදු කෙරේ. මෙම ක්‍රමය ඵලදායී නොවන අතර ඒ සඳහා ගතවන නිශ්චිත කාල සීමාව තත්‍ය වශයෙන් ම සඳහන් කළ නොහැකිය. එබැවින්, මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාර්ගගත ආකාරයට විදේශීය නිවාඩු අයදුම් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී පද්ධතිය භාවිතා කිරීම පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ කොළඹ විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලයන්හි දී මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අවසන් කර ඇත. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිවාඩු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කටයුතු සහ අනුමැතිය ලබා දීම දැනටමත් මෙම මාර්ගගත ක්‍රමය හරහා ආරම්භ කර ඇත. දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් අවසන් කර ඇති විශ්වවිද්‍යාල දෙසැම්බර් 1වනදා සිට විදේශ නිවාඩු අනුමත කිරීමේ ක්‍රියාවලිය මෙම මාර්ගගත ක්‍රමය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

p>/news/vapa

 

පුවත් සහ සිදුවීම්