අමාත්‍යාංශයේ ගුණාත්මකභාවය නංවාලීම සහ පවත්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන භෞතික වටපිටාවක් නිර්මාණය කිරීම, අමාත්‍යාංශයේ අභිමතාර්ථ සහ කාර්යයන්වලට ගැලපෙන උසස් තත්ත්වයක් සහිත ප්‍රශස්ථ සේවක මණ්ඩලයක් පවත්වා ගැනීම, අඛණ්ඩ සහ ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනවත් සේවා සැපයීම සහ පවත්වා ගැනීම, (ආරක්ෂක සහ රැකවල් සේවා) ආයතන සමග මනා විධිමත් සම්බන්ධිකරණයක් ඇති කිරීම හා පවත්වා ගැනීම, කාර්ය මණ්ඩලයේ සුභසාධක පහසුකම් නංවාලීම සහ අමාත්‍යාංශයේ සමස්ත පරිපාලනය, මෙහෙයවීම සහ ඇගයීම නංවාලීම.
කාර්යභාරයන්
-
පාලන අංශය
- දෛනිකව උසස් අධ්‍යාපන අංශය වෙත ලැබෙන හා බැහැර යැවෙන ලිපි සම්බන්ධයෙන් කටයුතු කිරීම හා එහි සාධනීය බව සහතික කිරීම.
- අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීම හා තීරණ අදාල පාර්ශව වෙත දැන්වීම.
- වෙනත් අමාත්‍යාංශ මඟින් අමාත්‍ය මණ්ඩලය වෙත යවනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ ලබා දීම.
- පාර්ලිමේන්තු ප්‍රශ්න, උපදේශක කාරක සභා යෝජනා, මහජන පෙත්සම්, මානව හිමිකම් කඩවීම් හා ජනාධිපති කාර්යාලයෙන් හා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන පැමිණිලි, යෝජනා හා ඉල්ලීම් අදාල පාර්ශව වෙත යැවීම සඳහා පියවර ගැනීම.
- උසස් අධ්‍යාපන අංශයේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම.
- උසස් අධ්‍යාපන අංශයේ සියලු වාහන ලියාපදිංචි කිරීම, නඩත්තු කිරීම සහ රක්ෂණය කිරීම,ආදායම් බලපත්‍ර ලබා ගැනීම හා සියලු සංචිත වාහන සඳහා ඉන්ධන සැපයීම .
- උසස් අධ්‍යාපන අංශයේ යටිතල පහසුකම් කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයට සැපයීම, ගොඩනැගිලි,යන්ත්‍ර සූත්‍ර හා නඩත්තු සම්බන්ධයෙන් අදාළ ආයතනයන්ගෙන් සේවා ලබාගැනීම සහ පවත්වා ගැනීම
- උසස් අධ්‍යාපන අංශයේ ආරක්ෂක කටයුතු හා පවිත්‍රතා කටයුතු නිසි පරිදි පවත්වා ගැනීම.
- නිලධාරීන්ගේ රාජකාරි දුරකතන බිල්පත් පියවීම
- නිලධාරීන්ගේ විදේශ සංචාර සම්බන්ධ විදේශ ගමන් බලපත්‍ර, වීසා,VIP, ගමන් වියදම් හා දීමනා ලබාදීම පිලිබඳ කටයුතු හා දිවයිනෙන් බැහැර යාම සම්බන්ධ කටයුතු ඉටු කිරීම.
- විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි වාර්ෂික වාර්තා හා ගිණුම් නියමිත දිනට පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.
- නිලධාරීන්ගේ නිවාඩු, අතිකාල හා ගමන් වියදම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- නිලධාරීන් සඳහා ආපදා ණය, දේපල ණය, යතුරු පැදි ණය, උත්සව අත්තිකාරම් ණය ලබා දීම සම්බන්ධ කටයුතු හා අග්‍රහාර රක්ෂණකටයුතු සිදු කිරීම.
- මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහ දුම්රිය ගමන් බලපත්‍ර ( warrants)නිකුත් කිරීම.
- මැතිවරණ පවත්වන අවස්ථාවලදී ඒවාට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම
- උසස් අධ්‍යාපන අංශයෙහි කාර්ය මණ්ඩලය බඳවාගැනීම්, අනුයුක්ත කිරීම්, ස්ථාන මාරුවීම්, උසස්වීම් හා විශ්‍රාම ගැන්වීම්
- උසස් අධ්‍යාපන ගරු අමාත්‍ය/ රාජ්‍ය අමාත්‍ය/නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය බඳවාගැනීම්, අනුයුක්ත කිරීම් හා සේවය අවසන් කිරීම්
- බඳවා ගැනීම් පරිපාටි සකස් කිරීම
- කාර්ය මණ්ඩලය සඳහා දේශීය හා විදේශීය පුහුණුවීමේ අවස්ථා ලබා දීම
- උසස් අධ්‍යාපන අංශය යටතේ ඇති ආයතනයන්හි හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා සහනදායී මෝටර් බලපත්‍ර නිකුත් කිරීම
- විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල අනධ්‍යන කාර්ය මණ්ඩල පත් කිරීම හා පුරප්පාඩු පිරවීම
- විශ්වවිද්‍යාල සඳහා විදේශීය ආචාර්යවරුන් කොන්ත්‍රාත්/ තාවකාලික පදනම මත බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දීම
- විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද්විතීයන පදනම මත තාවකාලිකව/ ස්ථීරව මුදා හැරීම
- විශ්වවිද්‍යාල පද්ධතියේ දීමනා සම්බන්ධ මහා භාණ්ඩාගාරය හා සම්බන්ධීකරණ කටයුතු කිරීම
- විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් විෂමතා පිළිබඳව අමාත්‍යාංශයේ නිර්දේශ ලබා දීම
- විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීම හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම් කටයුතු සිදු කිරීම
- රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 05/2022 හා වි.වි.ප්‍ර.කො. සභා චක්‍රලේඛ 406 යටතේ විදේශීය නිවාඩු ලබා දීම සම්බන්ධ කටයුතු සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ දේශීය- විදේශීය නිවාඩු ලබා දීම සම්බන්ධ කටයුතු.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය
- Online Foreign Leave Approval System for University Staff, පද්ධතිය සංවර්ධනය කිරිම
- මහජනතාවට ගරු රාජ්‍ය අමාත්‍ය තුමා මුණගැසීම සඳහා වේලාව වෙන්කර ගැනීම සඳහා (Online Appointment Reservation System) පද්ධතියක් සංවර්ධනය කිරිම.
- මෙම පද්ධතිය සංවර්ධනය කර අවසන් කර ඇති අතර ගරු රාජ්‍ය අමාත්‍ය තුමා මුණගැසීම සඳහා වේලාව වෙන්කර ගැනීම මෙම පද්ධතිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට සිදුවේ.
- අමාත්‍යාංශයේ ස්ථාවර වත්කම් ලේඛනය නඩත්තු කරගෙන යාම සඳහා පද්ධතියක් සංවර්ධනය කිරිම.
- මීට අමතරව,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ පරිගණක උපාංග ස්ථාවර වත්කම් ලේඛණය යාවත්කාලීනව පවත්වාගෙන යාම සිදුකරයි.
- සහනදායි මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරිමට මාර්ගගත ක්‍රමය යොදාගැනිම.(Online Management system for Vehicle Permit) සඳහා පද්ධතියත් සංවර්ධනය කිරිම.
- විදේශ ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවීමට මාර්ගගත ක්‍රමය යොදා ගැනිම.(Online Management System for Scholarships)
- අමාත්‍යාංශයේ සේවකයින්ගේ තොරතුරු ඇතුලත් කිරිමට (HR Management System) පද්ධතියක් සකස් කිරිම.
- රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අංශයේ Online Interest Free Student Loan Management System පද්ධතිය නඩත්තු කිරීම සහ නව අවශ්‍යතාවයන් ඇතුලත් කිරීමට අදාළ කටයුතු සම්බන්ධීකරනය කිරිම.
- 2020 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල Wi-Fi පහසුකම් තවදුරටත් පුළුල් කිරීම 2023 තොරතුරු තාක්ෂණ සැලැස්ම සකස් කිරීම.
- 2016 අයවැය යෝජනාවලට අනුව, ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ රාජකාරි කටයුතු සිදු කිරීම
- උසස් අධ්‍යාපන අංශයේ වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- අමාත්‍යංශයේ ඇති පරිගණක, Laptop යන්ත්‍ර,Tabs සහ මුද්‍රණ යන්ත්‍ර වල දෘඩාංග දෝෂ නිරාකරණය කිරීම.
- පරිගණකවල මෘදුකාංග දෝෂ අන්තර්ජාල හා e-mail වල ගැටළු නිවැරදි කිරීම.
- අංශවල අවශ්‍යතාවය අනුව පරිගණක වලට භාවිත මෘදුකාංග ඇතුලත් කිරීම, දෘඩාංග සම්බන්ධ ගැටළු නීරාකරණය කිරීම.
- අමාත්‍යංශයේ පරිගණක ආරක්ෂාව සඳහා වෛරස් මෘදුකාංග ඇතුලත් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- වෛරස් කොන්සෝල් පද්ධතිය නඩත්තු කිරීම.
- පරිගණක ජාලය නඩත්තු කිරිම හා පුළුල් කිරිම.
- පරිගණක ජාල පරිපාලක මධ්‍යස්ථානයේ ඇති Proxy Server, Firewall Server, e-mail server, Virus Console Server හා උසස් අධ්‍යාපන විදේශ නිවාඩු මෘදුකාංග Server යන්ත්‍ර , Server යන්ත්‍ර පරිපාලනය කිරීම.
- උසස් අධ්‍යාපන විදේශ නිවාඩු මෘදුකාංග පද්ධතිය නඩත්තු කිරීම හා සංවර්ධන අංශයේ අවශ්‍යතාවය අනුව අදාල ආකෘති සකස් කර දීම.
- අමාත්‍යංශයේ දැනට ස්ථාපිත Wi-Fi පද්ධතිය නඩත්තු කිරීම හා වරින් වර ඇතිවන තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීම.
- අමාත්‍යංශයට අවශ්‍ය පරිගණක දෘඩාංග හා මෘදුකාංග මිලදී ගැනීමේදී අදාල තාක්ෂණික කමිටු නියෝජනය කිරීම.
- තොරතුරු තාක්ෂණ පද්ධති මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විවිධ අවධිවලදී දායකත්වය ලබා දීම.
- අනෙකුත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තාක්ෂණික ඇගයීම් කමිටු නියෝජනය කිරීම.
- ICTA මගින් ක්‍රියාත්මක කරන LGN ව්‍යාපෘතියේ කටයුතුවලට දායකත්වය ලබා දීම.
- තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- MS Mail Domain (mail.mohe.gov.lk) email පද්ධතියේ පරිපාලන කටයුතු (Office email Account Creation & Adding MS office Software Rights to Each Accounts) සිදු කිරීම හා තුන්වන පාර්ශවයේ S/W (Assure, SharePoint) වලට අදාල කටයුතු සිදු කිරීම. ඊට අමතරව Cloud Storage තාක්ෂණය යොදා ගනිමින් අමාත්‍යංශයේ දත්ත කළමනාකරණය සදහා පහසුකම් සැලසීම , උදා : One Drive, Google Drive
- Google Mail Domain (mohe.gov.lk) පද්ධතියේ පරිපාලන (නව email address සෑදීම පවතින email address වල ගැටළු නිරාකරණය කිරීම) කටයුතු සිදු කිරීම.
- MS Team තාක්ෂණය යොදා ගනිමින් අමාත්‍යංශයේ ශිෂ්‍ය ණය අංශයේ සිසුන් 4500 කට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා සම්බන්ධ කිරීම, තවද සංවර්ධන අංශයේ විදේශ ශිෂ්‍යත්ව සඳහා සම්මුඛ පරීක්ෂණ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සියලු පහසුකම් සැලසීම.
- Online meeting සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- අංශවල ඉල්ලිම පරිදි අවශ්‍යතාවන්ට අනුකූලව Google Form නිර්මාණය කිරිම.
විමසීම් තොරතුරු

අනෝජා පී. ගුරුගේ මිය
අතිරේක ලේකම් (පාලන සහ මුදල්)
+94 112 688 338
addsec-admin[at]mohe.gov.lk

ආර්.ජී.සී.පී. ජයවික්‍රම මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
+94 112 674 768
sas-admin[at]mohe.gov.lk

එස්.ඩී.එල්.සිල්වා මිය
සහකාර ලේකම් (පාලන)
+94 112 674 768
as-admin[at]mohe.gov.lk

පුරප්පාඩු
සහකාර ලේකම් (ආයතන)
+94 112 674 768
as-estb[at]mohe.gov.lk

එච්. ඩබ්. නදීෂා දිල්රුක්ෂි මිය
නීති නිලධාරි
+94 112 674 768
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කේ.එම්.පී.වී කරුණාරත්න මිය
පරිපාලන නිලධාරි (වැ.බ)
+94 112 674 768
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එස්.කේ.එච්. පෙරේරා මිය
භාෂා පරිවර්තක
+94 112 674 768
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එච්. ඩී.ඩබ්.එන්.දෙශප්ප්රිය මිය
ප්‍රධාන කළමණාකරන සහකාර නිලධාරි
+94 112 674 768
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.







