site map 1

 

English (UK)TamilIndia

සිසුන්ගේ අදහස්

අමාත්‍යංශය විසින් පවත්වන ලද නායකත්ව පුහුණු වැඩසටහන පිළිබඳ බොහෝ තොරතුරු මට ලැබී තිබේ. එම වැඩසටහනට යම් යම් විරෝධතා තිබුණත්, බොහෝ සිසුන් එය ඔවුනට පාසැල් පද්ධතියෙන් නොසලකා හරින ලද කුසලතා ලබා ගැනීමට උපකාරී වීම නිසා පිළිගෙන තිබුණි.

අනූව දශකයේදී, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පවත්වන ලද සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා පුහුණු (General English Language Training) වැඩ සටහනද මෙවන් ප්‍රයත්නයක් දැරීය. මෙවන් පාඨමාලා සිසුනට ප්‍රයෝජනවත් වන අතර දැනට විභාග හා උසස් අධ්‍යාපනය අතර තිබෙන කාලපරිච්ඡේදය නිකරුණේ නාස්තිවීම වැළැක්වීමට ප්‍රයෝජනවත් බව මම විශ්වාස කරමි.

සිසුනට ප්‍රයෝජනවත් හා අවශ්‍ය පාඨමාලා ඇති කිරීමට මම කැමැත්තෙමි. මේ සඳහා සැලසුම් සකස් කිරීමට හා අනිකුත් ආයතන හා සාකච්ඡා කිරීමට අවශ්‍යය. නමුත් දැන් අපි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සුරක්ෂිත කරන සේවා සැපයීම ආරම්භ කළ යුතුය. මේනිසා මම සිසුන්ගේ අවශ්‍යතා හා උවමනාවන් සොයා බැලීමට සිසුන් අතර සමීක්‍ෂණයක් කිරීමට උපකුලපතිවරුන්ට ලිඛිතව දන්වා සිටිමි. කරුණාකර සිසුන්ට පහත සඳහන් ඒවා අතුරින් ඔවුන්ගේ කැමැත්ත අනුව නම් කරන ලෙස දන්වන්න. (සිසුනට වැඩිපුරම අවශ්‍ය වන්නේ කුමක්ද සඳහා අංක 1 ආදී වශයෙන් .....)

 

ප්‍රශ්න අංක 1

  • පෞරුෂ වර්ධනය හා නායකත්වය(Personality Development and Leadership)
  • වඩා හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා ගැනීම(Better English)
  • අධ්‍යන කුසලතා ලබා ගැනීම (පුස්තකාල හා අන්තර්ජාලය භාවිතය ඇතුළුව)(Study Skills including use of libraries and the internet)
  • තාර්කික බුද්ධිය(Critical Thinking)
  • මව් භාෂාවෙන් ලිවීමේ කුසලතා ලබා ගැනීම(Writing Skills in mother tongue)
  • ක්‍රීඩා හා සංස්කෘතික ක්‍රියාකාරකම් මගින් සමාජගතවීම(Socialization through games and cultural activities)
  • ගණිත හා ගණනය පිළිබඳ කුසලතා(Mathematical Skills and Calculation)

ප්‍රශ්න අංක 2

ඉහත ඒවායින් කුමන එකක් මෙම කාල පරිච්ඡේදයන් තුල දී ලැබීම වඩා යෝග්‍ය වේද

      අ). අ.පො.ස. (සා.පෙළ) නිම වූ වහාම.

      ආ). අ.පො.ස. (උ. පෙළ) නිම වූ වහාම.

සිසුන් ඉහත විෂයන්ගෙන් එකක් පමණක් එක් කාල පරිච්ඡේදයක් සඳහා සඳහන් කළ යුතුය. පළමු හා දෙවන ප්‍රශ්න දෙකම සඳහා සිසුන්ට ප්‍රයෝජනවත් වේ යයි සිතන වෙනත් ඕනෑම කුසලතාවයක් සඳහන් කිරීමටද පුළුවන. ඉක්මනින්ම පිළිතුරු සැපයීමට කැමති සිසුන් කරුණාකර තමන්ගේ නම, පිඨය හා විශ්ව විද්‍යාලයද සමඟ මෙම විද්‍යුත් තැපෑල මගින් පිළිතුරු එවන්න. This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන 2016 පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Laptop Launching Program 2016 The Inauguration of Providing Laptops for...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...
Minister Assumed Duties Today Minister of Higher Education & Highways, Hon....

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: