site map 1

 

English (UK)TamilIndia

Degree Programmes

විදේශීය ශිෂ්‍යයින් සඳහා උපාධි වැඩසටහන්

 

උපාධි වැඩසටහන්
අධ්‍යයන පාඨමාලා සඳහා විෂයය පූර්ව අවශ්‍යතා
විෂයය දර්ශකය
උපාධි පාඨමාලා ප්‍රදානය කරන විශ්ව විද්‍යාල හා ආයතන වල ලිපිනයන්



විදේශිය සුදුසුකම් සහිත සිසුන් සඳහා අවශ්‍ය කරන අවම ඇතුල් වීමේ සුදුසුකම්

 

විදේශීය සුදුසුකම් සහිත ශිෂ්‍යයින් සඳහා අවම ඇතුල්වීමේ සුදුසුකම්



අධ්‍යයන දින දර්ශකය

පැරණි ක්‍රමය අනුගමනය කරන විශ්ව විද්‍යාල වල අධ්‍යයන වර්ෂය වාර තුනකින් සමන්විත වේ. සෙමෙස්තර ක්‍රමය අනුගමනය කරන විශ්ව විද්‍යාල වල වර්ෂයකට සෙමෙස්තර දෙකක් ඇත. යම් කිසි අධ්‍යයන වර්ෂයක පළමු වාරය / සෙමෙස්තරය ආරම්භ කරන දිනය, එක් එක් විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට හෝ පීඨයකින් පීඨයකට හෝ ආයතනයකින් ආයතනයකට වෙනස් විය හැක. කෙසේ වුවද, අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ සිට මිස වෙනත් අවස්ථාවන් වලදී කිසිදු ශිෂ්‍යයෙකු ඇතුලත් කර ගනු නොලැබේ. 2012 වසරේ සැප්තැම්බර් / ඔක්තෝබර් මස සිට ආරම්භ වන පරිදි සියළුම විශ්ව විද්‍යාල සඳහා එක් පොදු අධ්‍යයන වර්ෂයක් ඇති කිරීමට සැලසුම් කර ඇති අතර එසේ වුවහොත් අධ්‍යයන වර්ෂය යම් වසරක ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වී මීළඟ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දිවෙනු ඇත.



අයදුම් කරන ආකාරය

ප්‍රවේශය සඳහා ඉදිරිපත් කරන සියළුම අයදුම්පත්‍ර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගත හැකි ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු වේ.

 

අ) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ දරුවන්, ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රිපබ්ලික් ගොඩනැගිල්ල, කොළඹ 01, ශ්‍රී ලංකාව හරහා අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්වවිද්‍යාල ප්‍රවේශ), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 වෙත ඔවුන්ගේ අයදුම්පත් එවිය යුතු වේ.

 

ආ) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන විදේශීය ශිෂ්‍යයින් තම රටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රිපබ්ලික් ගොඩනැගිල්ල, කොළඹ 01 හරහා අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්ව විද්‍යාල ප්‍රවේශ), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනය වෙත තම අයදුම්පත් එවිය යුතු වේ.

 

ඇ) විදේශ සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික සිසුන් සෘජුවම තම අයදුම්පත් අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්ව විද්‍යාල ප්‍රවේශ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට එවියයුතු වේ.

 

ඈ) එවනු ලබන සෑම අයදුම්පතක් සමගම අයදුම්පත් ක්‍රියාවලිය සඳහා ගාස්තු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 10 ක බැංකු ඇපකරයක් එවිය යුතු වේ. අයදුම්පත් ක්‍රියාවලිය සඳහා ගාස්තුව නොමැතිව එවනු ලබන අයදුම්පත් ප්‍රවේශය සඳහා සලකා බලනු නොලැබේ.

 

ඉ) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය බලාපොරොත්තු වන සියළුම පාකිස්තානු ජාතිකයින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, පාකිස්තානු රජය, ඉස්ලාමාබාද් වෙතින් ලබාගත් “විරෝධතාවයක් නොමැති බවට සහතිකයේ” මුල් පිටපත සිය අයදුම්පත්‍රයට ඇමිණිය යුතු වේ.

 

ඊ) සිය අයදුම්පත්‍රය සමගින් අවශ්‍ය කරන සියළුම ලිපිලේඛන ද ඉදිරිපත් කර ඇති බව සහතික කර ගැනීම අයදුම්කරුවාගේ වගකීම වේ. අදාල බලධාරීන් විසින් සියළුම ලිපිලේඛන සහතික කර තිබිය යුතුය‍.

 

උ) ප්‍රවේශය සඳහා යෝජිත දිනට මාස 03 ක්වත් ප්‍රථමයෙන් ප්‍රවේශය සඳහා වන සියළුම අයදුම්පත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම්වරයා (අධ්‍යයන කටයුතු හා විශ්වවිද්‍යාල ප්‍රවේශ) වෙත ලැබෙන්නට සැලැස්විය යුතු වේ.

 

ඌ) අයදුම්පත්‍රය සමගින් අදාල සියළුම ලිපිලේඛන හා සහතික ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් විදේශීය අංශය සඳහා හිමි කොටස යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.

 

එ) 2011 / 2012 වර්ෂයේ අයදුම්පත් සඳහා අවසානදිනය 2012 මැයි 15 වේ.

අයදුම්පත ලැබුණු බව දැන්වීම

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අයදුම්පත ලැබීමෙන් පසුව, එම අයදුම්පත ලැබුණු බව වහාම අයදුම්කරුවා වෙත දැනුම් දෙනු ලැබේ. අයදුම්පත ලැබුණු බව දන්වන කාඩ්පතින් පෙන්නුම් කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අයදුම්පත ලැබුණු බව පමණක් වන අතර එම අයදුම්පත පිළිබඳව කටයුතු කර අවසන් බව ඉන් අදහස් නොවේ.

තෝරා ගැනීම සහ ස්ථාන පිරිනැමීම

  1. මෙම අංශය හරහා පිරිනමනු ලබන ස්ථාන සංඛ්‍යාව ඉතා සීමිත වන අතර වර්තමානයේදී මෙය එක් එක් අධ්‍යයන පාඨමාලාව සඳහා පවතින සමස්ත ස්ථාන ප්‍රමාණය අතුරින් 0.5% ක පමණ ප්‍රමාණයක් වේ. විදේශීය සුදුසුකම් සහිත අපේක්ෂකයින් තෝරාගැනීම සිදු කරනු ලබන්නේ පහත දැක්වෙන ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව වේ.

අ) අනෙකුත් රටවල් වල ස්ථානගත වී සිටි / ස්ථානගතව සිටින ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ දූ දරුවන්

ආ) ශ්‍රී ලංකාවේ සේවයෙහි නියුතු විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ දූ දරුවන්

ඇ) තමන් විසින්ම මූල්‍ය පහසුකම් සපයා ගනිමින් ප්‍රවේශයට අයදුම් කරන සාක් රටවල්වල අයදුම්කරුවන්

ඈ) ඉහත (අ) යටතේ ආවරණය නොවන ශ්‍රී ලාංකික අයදුම්කරුවන්

ඉ) ඉහත (ආ) හෝ (ඇ) යටතේ ආවරණය නොවන විදේශීය අයදුම්කරුවන්

 

  1. එක් එක් පාඨමාලාව සඳහා යෝජිත ඇතුලත් කරගන්නා සංඛ්‍යාවෙන් 4.5% දක්වා ප්‍රමාණයක් ස්ථාන වෙන් කරනු ඇත්තේ විදේශයන්හිදී මුදල් ගෙවන පදනම මත සුදුසුකම් ලබාගත් ශ්‍රී ලාංකික හා විදේශීය සිසුන් වෙනුවෙනි. එම නිසා ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උ.පෙළ) විභාගය හා සමාන මට්ටමේ විදේශීය විභාග සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් මේ සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබයි.

 

තෝරාගැනීමේ කටයුතු අවසන් කළ පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව විසින් අදාල තෝරාගත් අයදුම්කරුවන් හට දැනුම්දෙනු ලැබේ.

 

එසේ තෝරාගත් අපේක්ෂකයින් විසින් තමන් අනුයුක්ත කරන ලද අදාල විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී / සහකාර ලේඛකාධිකාරීවරයාගේ (ශිෂ්‍ය ලියාපදිංචි) උපදේශ යටතේ අනුයුක්ත කරනු ලැබූ විශ්ව විද්‍යාලයේ හැකි ඉක්මනින් ලියාපදිංචි වීමට කටයුතු සම්පාදනය කර ගත යුතු වේ.

අයදුම් කිරීම

 



පාඨමාලා ගාස්තු

 

විදේශ ශිෂ්‍යයින් සඳහා පාඨමාලා ගාස්තු

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන 2016 පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Laptop Launching Program 2016 The Inauguration of Providing Laptops for...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...
Minister Assumed Duties Today Minister of Higher Education & Highways, Hon....

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: