site map 1

 

English (UK)TamilIndia

නිතර අසනු ලබන ප්‍රශ්න

ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව

අප හට ශිෂ්‍යත්ව පිළිබඳව දැනුවත් විය හැක්කේ කෙසේද ?


ඔබ හට සම්පුර්ණ ශිෂ්‍යත්ව නිවේදනය සහ අයදුම්පත්‍රය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ශිෂ්‍යත්වය පිළිබඳව වැදගත් තොරතුරු ඇතුළත් වන සහ වැඩිදුර විස්තර සඳහා අමාත්‍යාංශ වෙබ් අඩවිය යෙත පිවිසීමට ඔබට දන්වා සිටින පුවත්පත් දැන්වීම් ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් යන පුවත්පත් වලින් ද ඔබට ලබාගත හැකිය.

ශිෂ්‍යත්ව පිළිබඳව ප්‍රකාශයට පත් කරන්නේ කවදාද ?


විවිධ රටවල් වලින් ලැබෙන පිරිනැමීම් පිළිබඳ දැනුම්දීමේ ලිපි අනුව අමාත්‍යාංශය විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව හා අයදුම්ත් කැඳවීම් පිළිබඳව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

ශිෂ්‍යත්ව පිළිබඳ දැනුම්දීමේ දළ කාල පරිච්ඡේද සටහන
අනුක්‍රමික අංකයරට ජන පෙබ මාර් අප්‍රේ මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ
01. ඉන්දියාව - සාක් මහාචාර්ය පදවි / අධි ශිෂ්‍යත්ව / යෝජනා ක්‍රමය / ශිෂ්‍යත්ව *                      
02. ඉන්දියාව - ඉන්දියානු පොදු රාජ්‍ය මණ්ඩලීය පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව

*

 

 

 

 

 

 

 

 

 

 

 
03. ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරුව

*

 

 

 

 

 

 

 

 

 

 

 
04. බෘනායි දරුස්සලාම් රජයේ ශිෂ්‍යත්ව

*#

 

 

 

 

 

 

 

 

 

*

 
05. ඉන්දුනීසියානු පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව

 

*

 

 

 

 

 

 

 

 

 

 
06. චීනය

*#

 

 

 

 

 

 

 

 

 

 

 
07. ජපන් ශිෂ්‍යත්ව

 

 

 

*#

 

 

 

 

 

 

 

 
08. කොරියානු රජයේ ශිෂ්‍යත්ව

#

 

 

*

 

 

 

 

 

 

 

 
09. නවසීලන්ත පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව

*

 

 

 

 

 

 

 

 

 

 

 
10. එක්සත් රාජධානිය

 

 

 

 

 

 

*

 

 

 

 

 
11. තුර්කිය

 

#

 

 

 

 

 

 

 

 

 

 
12. පකිස්ථානය

 

 

 

 

 

 

#

 

 

 

 

 
13. කියුබාව

#

 
14. බංග්ලාදේශය

 

 

 

 

 

 

 

 

 

 

#

 
15.

රුසියාව

 

#

 

 

 

 

 

 

 

 

 

 
16.

ඉන්දියාව

#

 

 

 

 

 

 

 

 

 

 

 
17.

සර්බියානු ශිෂ්‍යත්ව

 

 

 

*#

 

 

 

 

 

 

 

 
18.

සයිප්‍රස් ශිෂ්‍යත්ව

 

*

 

 

 

 

 

 

 

 

 

 
19.

ලී ක්වාන් යූ අධි ශිෂ්‍යත්ව

 

 

 

*

 

 

 

 

 

 

 

 
20.

යුනානි පළාත් රාජ්‍ය ශිෂ්‍යත්ව

 

 

 

 

#

 

 

 

 

 

 

 
21.

ඉන්දියාව ච- අයූෂ් ශිෂ්‍යත්ව

 

 

 

 

*#

 

 

 

 

 

 
22.

කියුබානු ශිෂ්‍යත්ව

 

 

 

 #

 

 

 

 

 

 

 

 
23.

පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය - පොදු රාජ්‍ය මණ්ඩලීය පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව

 

 

*

 

 

 

 

 

 

 

 

 

* - පශ්චාත් උපාධි

# - උපාධි අපේක්ෂක


ශිෂ්‍යත්වයක් සඳහා අයදුම්කිරීම සඳහා සුදුසුකම් වන්නේ මොනවාද ‍?


  • පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සඳහා
  1. සියළුම අයදුම්කරුවන්, රාජ්‍ය මන්ඩල, සංස්ථා හා විශ්ව විද්‍යාල ඇතුළු වූ රාජ්‍ය සේවයේ සාමාජිකයන් විය යුතු වේ. (කෙසේ වුවද, ජපන් ශිෂ්‍යත්ව පෞද්ගලික අංශයටද විවෘතය)

  2. ස්ථිර සේවකයන් පමණක් සුදුසුකම් ලබන අතර, සිය සේවයේ ස්ථිර කිරිම සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් අවශ්‍ය කරන අයද සුදුසුකම් ලබයි.

  3. පළමු උපාධිය සඳහා දෙවන පෙල ඉහල හෝ ඊට වැඩි සාමාර්ථයක් ලබා සිටිය යුතුය. මනා ඉංග්‍රීසි දැනුමක් අත්‍යවශ්‍ය වේ.

  4. රටින් රටට වයස් සීමාව කොන් වන නමුත්, එය බොහෝ විට අවු. 40 ට අඩු වේ.

 

  • උපාධි අපේක්ෂක ශිෂ්‍යත්ව සඳහා
  1. අයදුම්කරු හට අ.පො.ස. (උ.පෙල) සුදුසුකම් තිබියය යුතු වේ. (වෙනත් සුදුසුකම් සලකා බලනු නොලැබේ.)

  2. මනා ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබිය යුතුය.

  3. 3. රටින් රටට වයස් සීමාව වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් එය අවු. 25 ට අඩු වේ.


විදේශගත වීම සඳහා නිවාඩු

විදේශගත වීම සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය කරන ලිපිලේඛන කවරේද


ලිපිලේඛන

  • 16 වන පරිශිෂ්ඨය (උපකුලපතිවරු හා විශ්වව ිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සියළුම දෙනා සඳහා අයදුම්පත්‍රය)

  • 17 වන පරිශිෂ්ඨය (උපකුලපතිවරු / වි.ප්‍ර. කොමිසමේ සභාපතිවරයා සඳහා අයදුම්පත්‍රය)

  • ආරාධනා ලිපිය (නිල නිවාඩු සඳහා)

  • ආධාර ලැබීමේ ලිපිය (බාහිර පාර්ශ්වයන් විසින් අරමුදල් සපයන්නේ නම්)

  • සාධාරණීකරණය කිරීමේ ලිපිය (එකම වසර තුළ නිලධාරියා 3 වරකට වඩා විදේශගත වී ඇත්නම්)

  • ඉහත කී ලිපිලේඛන වල පිටපත් 3 බැගින්


අමාත්‍යාංශ අනුමැතිය සඳහා අයදුම්පත යොමු කළ යුත්තේ කුමන කාලයේදීද ?


පිටත් වීමට දින 14 ට පෙර අයදුම්පත්ඉදිරිපත් කළ යුතු වේ.


අනුමැතිය ලබාගැනීමට ගත වන කාලය කොපමණද ?


අනුමැතිය ලබාගැනීමට ගත වන කාලය එම නිවාඩු වර්ගය මත තීරණය වේ. නිල නිවාඩු ලබාගැනීමට අගමැතිවරයාගේ අනුමැතිය වුවමනා කරන අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි අනුමැතිය ලබාගැනීමට සතියකට ආසන්න කාලයක් ගත වේ. පෞද්ගලික නිවාඩු අනුමත කරනු ලබන්නේ ගරු අමාත්‍යවරයා විසින් වන අතර ඊට ගත වන කාලය දින 2 – 3 දක්වා වේ.


ගුවන් ටිකට්පත්

අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ කවරේද?


  • උප කුලපතිවරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබාදුන් නිර්දේශ සමගින් ආවරණ ලිපිය

  • වෙන් වෙන් ගුවන් සේවා තුනකින් ලබාගත් මිල දැක්වීම්


ගුවන් ටිකට්පතක් සඳහා ලේකම්වරයාගෙන් අනුමැතිය ලාබගත යුත්තේ කවර අවස්ථා වලදීද ?


ශ්‍රී ලංකන් ගුවන් සේවය හෝ මිහින් එයා ගුවන් සේවය හැරුණු  කොට  වෙන යම් ගුවන් සේවයකින් ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ටිකට්පත සඳහා අනුමැතිය ලබා ගත යුතු වේ.


අනුගමනය කළ යුත්තේ කවර චක්‍රලේඛය ද

 

24/04/2008 දිනැති මූල්‍ය චක්‍රලේඛ අංක 431

විශ්ව විද්‍යාලය විසින් උත්පාදනය කරන අරමුදල්

විශ්වවිද්‍යාලය විසින් උත්පාදිත අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය කරන ලිපි ලේඛන කවරේද ?


  • අයදුම්පත්‍රය

  • ඒ සිට ජී දක්වා ආකෘතිය

  • ඔබ වියදම් කිරීමට අපේක්ෂිත සමස්ත පිරිවැය පිළිබද කෙටි පැහැදිලි කිරීමක් සහ උපකුලපතිවරයාගේ අවසරය


විශ්වවිද්‍යාලය විසින් උත්පාදිත අරමුදල් සඳහා අයදුම් කළ යුත්තේ කුමන කාලයකදීද ?


විශ්ව විද්‍යාලය විසින් උත්පාදිත අරමුදල්  යොදාගෙන විදේශගත වීමට බලාපොරොත්තු වේ නම්, උපබකුලපතිවරයාගේ අවසරය සහිතව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඔබ නිසින් අයදුම් කළ යුතු වේ.


අප විසින් අනුගමනය කළ යුත්තේ කවර චක්‍රලේඛය ද?

24/04/2008 දින දරන මූල්‍ය චක්‍රලේඛ අංක 431

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
State Secretary Assumed Duties Today Mrs. Jayanthi Wijethunga assumed duties on...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: