site map 1

 

English (UK)TamilIndia

Articles

10. කැබිනට් පත්‍රිකා (කෙටුම්පත) 2- ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල මුද්‍රණාලය පිහිටුවීම

10. විශ්වවිද්‍යාල තුළ පොත් භාවිත කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල මුද්‍රණාලයක් පිහිටුවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව

 

වර්තමානයේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ බොහෝ පාඨමාලාවන්හි පොත් කියවීම සඳහා කරණු ලබන්නේ සුළු අවධාරණයක් පමණි. උසස් පෙළ ටියුෂන් පන්ති සංස්කෘතිය හේතුකොට ගෙන, සිසුන් පුරුදුවී සිටින්නේ, සටහන් ලියා ගැනීම හා කටපාඩම් කිරීමටය. එයට අමතරව, සමහර පාඨමාලා සඳහා නිර්දේශිත කියවීම් සම්පූර්ණ කිරීමට අවශ්‍යතාවයක් නැත. සමහර විෂය නිර්දේශයන්ට දීර්ඝ කියවීමේ ලැයිස්තුවක් තිබුනත් ඒවා බොහෝ විට යථාර්තවාදී නොවේ. සමහර අවස්ථාවලදී ඒවා නිර්දේශ කරණ ආචාර්ය මණ්ඩලය හෝ මෙවන් පාඨමාලා උගන්වන අයද කිවවන්නට නියම කරණ දේ තමන් කියවා නැත.

 

අප රටේ සරසවි සිසුනට, කියවීමට සුදුසු ද්‍රව්‍ය සුළු වශයෙන් පැවතීමේ ප්‍රමාදදෝෂය පැහැදිලිය. පොත් ඉතාම මිල අධික වන අතර සමහර පුස්තකාල තුළ සුදුසු පොත් තොග තිබුණත්, ඒවායින් බොහෝමයක භාවිතා කොට ඇති භාෂාව, මධ්‍යම මට්ටමකම සිසුන්ට එකවර අවබෝධ කර ගැනීමට ඉතාම අපහසුය. එසේම, සිංහල හා දෙමළ බසින් ශාස්ත්‍රීය පොත් මුද්‍රණය කිරීමේ සංස්කෘතියක් නැති නිසාවෙන් එම භාෂාවලින් කියවීමට කැමති සිසුන්ටද තෝරා ගැනීමට තිබෙන්නේ ඉතාම සුළු පොත් ප්‍රමාණයකි.

 

තවද, විශේෂයෙන්ම, භාෂා ඉගැන්වීම් ද්‍රව්‍ය, ස්වයං අධ්‍යන අවස්ථා ලබාදීම සඳහා වෙන්කොට තැබිය යුතු හෙයින්, අඩු වියදම් මුද්‍රණයක් වීම යෝග්‍යය. වර්තමානයේදී, විශාල කාලයක් අධ්‍යන ද්‍රව්‍ය සකස්කිරීමට යොමු කළත්, ඉහළ ගුණාත්මක ද්‍රව්‍ය නිපදවීමට ඒකාබද්ධ වූ පරිශ්‍රමයක් නැත. උදාහරණයක් ලෙස, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකක දැක්විය හැකි අතර, මෙම ඒකක නිරතුරුව අලුතින් ද්‍රව්‍ය නිපදවුවත්, එම ඒකකය තුළම වෙනත් පුද්ගලයන් නිපදවන ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නොසලකා හරියි.

 

මේ නිසා, බහුතර සිසුන් පිරිසකට, පරිශීලනය කරන්නන්ට හිතෛෂී ග්‍රන්ථ නිෂ්පාදනය සඳහා ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණ කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම යෝග්‍යවේ. සමස්තයක් ලෙස, ශාස්ත්‍රීය විෂයන් (Arts stream) හදාරන සිසුන්ට, ඉංග්‍රීසි භාෂාව සීමාසහිත වන හෙයින් හා ඉංග්‍රීසියෙන් කියවීම සඳහා දිරිමත් කිරීම බොහෝ දුරටම සිදුනොවන හෙයින්, මෙම ප්‍රවිෂ්ටය ඉතා වැදගත්ය.

 

මෙනිසා, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මුද්‍රණාලයක් පිහිටුවීමට යෝජනා කරණ අතර එය උසස් අධ්‍යාපන අමත්‍යංශය මගින් පරිපාලනය වන අතර වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන ආයතනයන්හි අවශ්‍යතා ඉටුකිරීමටද කටයුතු කරණු ඇත. මූලිකව වශයෙන්, කලාපීයව ස්ථායි ශාස්ත්‍රීය ග්‍රන්ථ කරුවන් සමඟ සහයෝගිතාවයෙන් මෙය ආරම්භකරනු ලැබේ. ඔවුන් අඩුවියදම් සහිත මෙන්ම, අවශ්‍ය අවස්ථාවන්හිදී සරළ කිරීම් සහිතව හා ඔවුන්ගේ කතෘත්වය සහිත ග්‍රන්ථ ශ්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කිරීම ආදිය සිදුකෙරෙනු ඇත. මූලික නිර්දිෂ්ට ග්‍රන්ථ සිංහලෙන් හා දෙමළෙන් නිකුත් කිරීමද සිදුවේ. තවද, අධ්‍යන කුසලතා හා තාර්කික චින්තනය මතුකරලීමට සුදුසු ඉංග්‍රීසි ඉගැන්වීම් නිර්දිෂ්ට ග්‍රන්ථ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සැකසීම උදෙසා ද කටයුතු කරණු ඇත.

 

මුද්‍රණාලය සිය හවුල්කාර පාර්ශවයන් සමඟ විශ්වවිද්‍යාල තුළ පොත් මධ්‍යස්ථාන පිහිටුවනු ඇත. රජය විසින් ආයතනය පිහිටුවීමට, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරයකු පත්කර ගැනීමට හා සීමාසහිත කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීමට අවශ්‍ය මූලික මුදල් සපයනු ලැබුවද, පොත් නිෂ්පාදන හා විකිණීමේ වියදම පියවා ගැනීමට අපේක්ෂිතය. මුද්‍රණාලය මුද්‍රණය කිරීමේ කාර්යයේ නියැලෙන්නේ නැති අතර, සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය මුද්‍රණ ආයතන සිදුකරණ ආකාරයට ටෙන්ඩර් පදනම මත මුද්‍රණය කිරීම් පිටතින් සිදුකර ගනු ඇත.

 

උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා සභාපතිත්වය දරණ ජාතික ජාත්‍යන්තර ප්‍රකාශන හරහා කීර්තියට පත්වූ මහාචාර්ය වරුන් පස් දෙනෙක් ඇතුළත් වූ පාලක මණ්ඩලයක් මුද්‍රණාලයේ පාලන ව්‍යුහය විය යුතුය.

 

මෙම පාලක මණ්ඩලයේ කිසිවෙක් මුද්‍රණාලය මගින් පොත් මුද්‍රණය නොකළ යුතුය. සියලු ප්‍රකාශන පාලන මණ්ඩලය විසින් මෙන්ම සහයෝගී මුද්‍රණ කරුවන් විසින් පත්කොට ඇති උපදේශකයන් අනුමත කළ යුතුය. එසේම, ඉහළ ගුණාත්මක මට්ටමේ සංස්කාරකවරුන් දේශීය වශයෙන් සේවයේ යොදවන තුරු, සංස්කරණය කිරීම එකී හවුල්කාර ආයතන සිදු කිරීමට විෂය වන්නේය.

 

 

 

9. කැබිනට් පත්‍රිකා (කෙටුම්පත) 1- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථාන පිහිටුවීම

 9. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථාන පිහිටුවීම හා එම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව

 

වර්තමානයේදී, රජයේ විභාග නිමවී අධ්‍යාපනයේ ඊළඟ පියවරට යොමු වන අවස්ථාව දක්වා සිසුන්ගේ විශාල කාලයක් අපතේ යයි. අධ්‍යනය පොදු සහතික පත් සාමාන්‍ය පෙළ නිමවී අධ්‍යන පොදු සහතික පත් උසස් පෙළ ආරම්භ කිරීමට, මාස තුනකට වැඩි කාලයක් ගතවේ. උසස් පෙළට පසු විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට අවම වශයෙන් වසරක්වත් බලා සිටීමට සිදුවේ.

 

මෙවන් බලයෙන් පැටවූ අලසකම් සමාජීය වශයෙන් හානිදායකය. සාමාන්‍ය පෙළ විභාගයට පසු දෙමාපියන් විසින් තම දරුවන් පුද්ගලික පන්ති වෙත යැවීමට ආරම්භ කරණු ලබයි. කරන්නට මුකුත්ම නැතිව සිටීමට වඩා මෙය තරමක් හොඳ වුවත්, මෙම ක්‍රමය ආරම්භ කළාට පසු, පාසල් අධ්‍යාපනය ආරම්භ කළත්, ටියුෂන් පන්ති යාම දිගටම ඉහළ මට්ටමකින් සිදුකර ගෙන යයි. එසේම, සිසුන් මෙන්ම සමහර ගුරුවරුන්ද පාසලේ පන්ති වලට වඩා ටියුෂන් පන්ති කෙරේ වැඩි සැලකිල්ලක් දක්වයි.

 

සිසුන් අපේක්ෂා කරන හා සූදානම් වන එකම ඉලක්කය වන විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට සිසුන් විශාල පිරිසකට නොහැකි වන හෙයින්, උසස් පෙළට පසු තත්වයද පිඩාකාරිය. ඒ අතරතුර සමහර නාගරික සිසුන්ට තමනට සම්බන්ද වීමට වෙනත් පන්ති තිබෙන අතර ඔවුන් ඒවාට සම්බන්ද වේ. නමුත්, එවන් පහසුකම් සමස්තයක් වශයෙන් රට පුරා නැත. එනිසා, සමස්තයක් ලෙස විශාල තරුණ පිරිසක් ජිවිතයේ වටිනාම වසර කීපයක් නිකරුණේ ගෙවා දමයි.

 

ඊට අමතරව, විශ්වවිද්‍යාල තුළට පැමිණෙන මෙන්ම නොපැමිණෙන අයද ක්‍රියාකාරී ලෝකයට නොඑසේනම් වැඩ කරණ ලෝකයට අවතීර්ණ වන්නේ නිසි සූදානමක් නැතිවය. බොහෝ සිසුන් පෙන්වාදෙන්නේ, තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රමාණවත් නොවීම නිසා, විශ්වවිද්‍යාල තුළ තිබෙන අධ්‍යාපන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි බවයි. මෑතකදී සිදු කරණ ලද සිසුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමේ සමීක්ෂණයේදී සිසුනට පෞරුෂ වර්ධන හා සමාජානුයෝජනය වැනි පාඨමාලා අවශ්‍ය බව සඳහන් කර තිබුණි. එසේම, සමහර සිසුන් තම මව් භාෂාවෙන් ලිවීමේ කුසලතා දියුණුකර ගැනීමට අවශ්‍යබව සඳහන් කර ඇත. මෙහිදී, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාගයන්ගෙන් පසු අපතේ යන කාලය තුළ තව දුරටත් වැඩ කිරීම යන අදහස සිසුන් සාදරයෙන් පිළිගෙන තිබුණි.

 

මෙනිසා, මෙම කාල පරිච්ඡේදයේදී සිසුනට සහභාගී වියහැකි හොඳ පාඨමාලා ඇතිකිරීම යෝග්‍යය. මෙම පාඨමාලා සඳහා සහභාගිත්වය වෙනුවෙන් සිසුන්ට සම්මාන සහතික ලබාදීමට විශ්වවිද්‍යාල සඳහා ආරාධනා කෙරෙනු ඇත. නොඑසේ නම්, රජයේ වෘතිතීය පුහුණු ආයතන වලින් සම්මාන සහතික ලබා ගත හැක.

 

එසේම, මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යස්ථාන හඳුනා ගැනීමට අවශ්‍යය. 1990 දශකයේදී පැවැත්වූ, සාමාන්‍ය ඉංග්‍රිසි පුහුණු පාඨමාලාවේ (General English Training Program) දී මෙන් පාසල් යොදා ගත හැකි නම් එය ප්‍රයෝජනවත්ය. නොඑසේනම්, බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුළ භාවිතයට නොගැනෙන ගොඩනැගිලි තිබෙන බැවින්, ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් එවන් ගොඩනැගිල්ලක් මෙම කටයුත්ත සඳහා සපයා දෙන ලෙස ඉල්ලා සිටිය හැක. සෑම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශයකටම අඩුම තරමින් මෙවන් එක භාෂා මධ්‍යසථානයක් වත් තිබීම පරමාදර්ශීය තත්වයක් වනු ඇත. එසේම, උපරිම මධ්‍යස්ථාන ගණන 400 දක්වා වැඩිවීමක් දක්වා, ප්‍රමාණයෙන් විශාල කොට්ටාශයන් සඳහා මෙවන් මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවීමද සිදු කළ හැක.

 

මෙම අරමුණේදී, හොඳින් පුහුණු වූ සේවක මණ්ඩලයක් ඇතිකිරීම අත්‍යවශ්‍යය. නමුත්, දැනට රැකියා විරහිත උපාධිධාරින්ගේ හා ඩිප්ලෝමාධාරින්ගේ සේවය ලබා ගැනීම මගින්, මෙය ප්‍රාදේශීය මට්ටමින් පහසුවෙන්ම සිදුකළ හැක. ඔවුන් පහත සඳහන් විෂයන් සඳහා පන්ති පැවැත්වීමට පුහුණු කළ යුතුය.

  • a) ඉංග්‍රීසි
  • b) තාර්කික චින්තනය
  • c) පෞර්ෂ වර්ධනය
  • d) ක්‍රීඩා හා සංස්කෘතික ක්‍රියාකාරකම් මගින් සමාජානුයෝජනය වීම
  • e) මව් භාෂාවෙන් ලිවීමේ කුසලතා
  • f) තෙවැනි භාෂාවක් කතා කිරීමේ කුසලතාවය
  • g) අධ්‍යන කුසලතා
  • h) ගණිතමය කුසලතා හා ගණනය කිරීම්

 

සෑම මධ්‍යස්ථානයකටම කාර්ය මණ්ඩලය ගුරුවරු 8 කින්, විදුහල්පති වරයෙකුගෙන් හා පරිපාලන නිලධාරියෙකුගෙන් සමන්විත විය යුතුය. පසු කියැවුණු නිලධාරීන් දෙදෙනා ද ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතුය. මස 6 සහතිකපත් පාඨමාලාවක් සඳහා අයදුම්පත් කැඳවිය යුතු අතර පාඨමාලාව සඳහා ගාස්තු අය කරණු ලැබේ. මෙම පාඨමාලාවන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින පුහුණු මධ්‍යස්ථානයන්හි පැවැත්වෙනු ඇත. සහතික පාඨමාලාවේදී ඉහළම ප්‍රථිපල ලබන තැනැත්තාට භාෂා මධ්‍යස්ථානයේ උගන්වන අතරතුරදී, ඩිප්ලෝමාව දක්වා ගමන් කිරීමට අවස්ථාව සලසමින් සේවයේ යොදවා ගත හැක. කෙටි කාලින පාඨමාලා සඳහා විශ්‍රාමික ගුරුවරුන් සේවයේ යෙදවිය හැකි අතර මෙම පාඨමාලාවේ අරමුණ ඉටු කර ගනුවස්, ඔවුන් නව පාඨමාලාව පරික්ෂාකාරීව අධ්‍යනය කොට තිබිය යුතු බව අපේක්ෂිතය.

 

මෙම ව්‍යාපෘතිය ගුරුවරුන් 6000ක් සේවයේ යොදවනු ලබන බව පැහැදිළි වන අතර ඔවුන් මාරුවෙන් මාරුවට සතියේ දවස් හත තුළ වැඩ කරණු ඇත යන්න අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන 2015 ඔක්තෝබර් ආරම්භ වන අතර පාඨමාලාවන් මාස තුනක කාලයකට පැවැත්වෙන අතර එම අදාළ කාලයට අදාළ විෂයන් සඳහා සම්මාන සහතික ලැබේ. මෙම පාඨමාලාවට ඇතුලත් වන සිසුන්ගෙන් ද්‍රව්‍ය මිල පියවා ගැනීමට සුළු ගාස්තුවක් අය කෙරේ. එසේම, සිසුන් මෙම කාලපරිච්ඡයේ දී ව්‍යපෘති වැඩවලට සම්බන්ද වීමද එම අධ්‍යනයන් පදනම් කොටගෙන ඉදිරිපත්කිරීම්ද (Presentations) සිදුකළ යුතු බව අපේක්ෂා කෙරේ.

7. ස්වයං අධ්‍යනයන් සදහා සිසුන් හට සහය ලබා දෙමු.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්දව දැඩි උනන්දුවක් දක්වන විදේශිකයෙක්, මා විසින් වෛද්‍ය සිසුන් සම්බදව සඳහන් කළ කරුණු මත පැහැදීමෙන් එම සිසුනගේ අධ්‍යාපනය සදහා ප්‍රයෝජනවත් තොරතුර හා දත්ත සම්බන්දයෙන් (links) මා හට ඒවා ඇත. ඇය මෙම ක්ෂේත්රයේ පුස්තකාල සේවා සැපයීමෙහි විශේෂඥවරියකි.

 

නන් අයුරින් අපට උපකාර කිරීමට බලාපොරොත්තු වන මෙවැනි බොහෝ විදේශිකයන් සිටින බව මට හැගේ. එමනිසා අපවෙත පැමිණෙන සියලු වෛද්‍ය සිසුන් සහ අන් අයෙගේ ද දත්ත ගබඩා (data base ) ගොඩ නගන ලෙස මා මගේ කාර්ය මණ්ඩලයට දන්නවා සිටි අතර එමගින් පවතින අන්තර්ජාල සම්පත් සිසුන් හට නිරන්තරයෙන් දැනගත හැක. තවද අන්තර්ජාල සම්පත් සම්බන්දව දැනුමක් ඇති වෙනත් පුද්ගලයන් හටද මා ආරාධනා කර සිටිනවා සිසුන් ඒ සම්බන්දයෙන් දැනුවත් කරන ලෙස.

 

පන්තිකාමර තුළ සහ පාසල්වලට සිරවී වී කෙරෙණ අධ්‍යන කටයුතු වෙනුවට මෙවැනි පද්ධති සංවර්ධනය කිරීම සිසුන් හට දැණුම සහ උද්යෝගය ලබාදීම තුළින් ඉගෙනීමේ කටයුතු සදහා විකල්ප අධ්‍යන කටයුතු ඇතිකර ගැනීමට මඟ පාදා ගතහැක. සමහර අංශයන්හි පවත්නා දුර්වලතා මගහරවා ගැනීම සදහා මෙය ප්‍රයෝගිකව උපකාරවේ.

 

පණතට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් එහි සමහරක් සමාජිකයන් වෙත කෙරුණු ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන් එකගතාවය පළකිරීම මෙන්ම නව සාමාජිකයන් කොමිසමට බදවා ගන්නා තුරු කටයුතු සිදුකර ගෙන යාමට එකගතාවය පළකිරීම ප්‍රසංසනිය තත්වයකි.

 

මා හට අවශ්‍ය වනුයේ පණතට අනුව, මාගේ සීමිත බලතලවලට අනුව මුල්‍ය අක්‍රමිකතා පිළිබදව කටයුතු ධනාත්මකව අවසන් කිරීමට පියවර ගැනීමට මා උපදෙස් දී ඇත. වාසනාවකට රෙගුලාසි හේතුකොට ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයන් සම්බන්දව සිදුවන අවුල් සහගත තත්වයන්ට විසඳුම් ලබා දීමට හැකි වනු ඇත. විශ්වවිද්‍යාලයන්ට ස්වයං තීරණ ගැනීමට ඉඩ සැලසීම ඉක්මන් කිරීම මෙයට විසඳුමක් වශයෙන් ඉදිපත් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කෙරුණු නිර්දේශයන්ට අනුව ඉතා සුපරික්ෂාකාරීව සහ විශ්වාසවන්තව අභියාචනා කඩිනම් කිරීම යන කරුණු මගින් නිරාකරණය කරගැනීමට අපට හැකි වනු ඇත.

8. Good Governance

I discovered today what I should perhaps have known, that the practice of jobs being given on the basis of lists supplied by a Minister had begun many years ago. There is a 1997 circular from the UGC based on a Cabinet decision, but it is possible that this built on earlier practice, given that good governance began to fade in the seventies.

 

I had told the two institutions which the Cabinet Minister has said should be gazetted under me to reverse the trend, and wrote as follows to the Minister for Good Governance to urge swift action.

 

 

Hon Karu Jayasuriya

Minister of Good Governance

 

Dear Hon Minister

 

Further to my letters and worries about recruitment procedures, and the enormous power of the Ministry to send lists – which would generally turn out to be to the political advantage of the Minister – I find that the UGC circulars are based on a Cabinet decision taken way back in 1997 (though it is possible that this pernicious practice began even earlier). To quote from the Circular – ‘The Cabinet of Ministers has decided that all external recruitments to the following posts in the University system be made from a list of candidates compiled by the Ministry of Education and Higher Education’.

 

The resultant circular, issued on 31st January 1997, is preposterously complicated. As you can see, I have told the UGC to change the circular and similar ones issued subsequently. I believe autonomy should be given to the universities, subject to strict criteria (and I hope examinations where possible and relevant), and I believe I can do this without a Cabinet decision since it is acceptable to abnegate one’s own powers.

 

However in the long term interests of the country I think the Cabinet should absolutely repudiate the 1997 decision and lay down clear guidelines that are based on merit rather than any form of political predilection (or political prejudices, since these also play a large role).

 

Please do act quickly, I believe that will do much to restore faith in us which is now flagging, given the ruthless politicization that others are engaged in.

 

Yours sincerely

6. යහ පාලනය

ජනාධිපති තුමාගේ අරමුණ යහපත් වුවත්, මට තිබෙන සැකය නම් දේශපාලනීකරණය වේගයෙන් පැතිර යන බවය. අද දින මා අමාත්‍ය වරුන් කිහිප දෙනුකු වෙත පහත සදහන් පරදී ලියා සිටි අතර යහ පාලනය මගින් අමාත්‍ය වරුන් සදහා යම් යම් මාර්ගෝපදේශකයන් ක්‍රියාත්මක කෙරමින් පවතින බවට ඔවුන් අවබෝධ කරගැනීයි කියා බලාපොරොතු වෙනවා

 

 

මහත්මයාණනි

 

යාපනය විශ්වවිද්‍යාලය සභාවට පත් කිරීම සඳහා ඔබ යොමු කරණලද නාම යෝජනා සහිත ලිපිය සදහා ස්තුති වන්ත වෙමි. විශ්වවිද්‍යාල සභා පත්කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් මගින් මිසක් උසස් අද්‍යාපන අමාත්‍යවරයාගේ කර්යකක් කියා මා නොසිතමි. ඇමතිවරුන්ගේ මෙවැනි මැදිහත් වීම් නිසා පසුගිය පරිපාලනය අපකීර්තියට පත් වුන අතර මෙම රජයද එවැනිම ආදර්ශයන් ලබා දෙන්නේ නම් මා ඒ පිළිබදව ඉතා කණගාටු වෙමි.

 

මා කල්පනා කරන්නේ අමාත්‍යවරයා මැදිහත් විය යුත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසි මගකට යොමුකිරීම සහ පනත් පරිපාලනය සදහා පමණක්ම ම බවත්ය. අනෙකුත් ඇගිලි ගැසීම් යෝග්‍ය නොවන අතර මා මේ සම්බන්ධව UCG ට උපදෙස් ලබාදිය යුතු අතර ඵලදායීව මගේ වගකීම් ඉටු කිරීම සදහා එවැනි ලිඛිත උපදෙස් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි.

 

යහ පාලනය වෙනුවෙන් ගේ සියලුම ක්‍රියාවන් සදහා හේතු දැක්වීම ඉතා වැදහත් වේ. සමානව මා විශ්වාසය කරන්නේ අදාළ සභාව සදහා ඉදරිපත් වීමට උනන්දුවක් දක්වන්නන් ඔවුන්ගේ නිර්දේශ නිසැකවම ඉදිරිපත් කල හැකි අතර තෝරා ගැනීම සම්බන්ධයෙන් සුදුසු හේතු සහිතව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවට නිළ වශයෙන් යොමු කල යුතුයි. කෙසේ වෙතත් ඔව්න් දායක කර ගත යුත්තේ මන්ද යන්න අයදුම් කරුවන්ගේ අයදුම්පත් වල සදහන් කිරීම වඩා වැදගත් වේ.

 

සභා සාමාජිකත්වය තෝරා ගැනීම සඳහා අලුත් නිර්ණායක ක්‍රියාවලියක් UCG වෙබ්අඩවියේ ස්ථාපනය කර ඇත. බොහෝ විට ඕනෑම පත්වීමකට පෙර අයදුම්පත් සෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එකඟකරවා හැකි වේ . මා මෙහිදී කිවයුතු දෙයක් වනුයේ විවිද අමාත්‍ය වරුන්ගෙන් විවද නම් සහිත ලසිතුන් මා හට ලැබී ඇත, විවිධ දේශපාලන අවශ්යතා නියෝජනය කිරීම සඳහා සභා සංස්ථාපනය වැරදි සහගත් බව මා සිතමි. දැනට පවතින යාපනයේ විශ්වවිද්‍යාල සභාව නොසුදුසු යන්නට එක හේතුවක් වන්නේ එම පත්වීම් හිටපු අමාත්‍යවරයාගේ මැදිහත් වීම මතසිදු කෙරුණු නිසාය.

 

අපේ අරමුණ විය යුත්තේ ඉතා වෙනස් සංස්කෘතියක් අත්කිරීමයි එමනිසා මගේ මේ උත්සහායට ඔබගේ පුර්ණ සහය ලබා දෙතැයි මා බලාපොරොතු වෙමි..

 

 

 

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: