site map 1

 

English (UK)TamilIndia

Articles

තෝරා ගැනීම සහ ස්ථාන පිරිනැමීම

  1. මෙම අංශය හරහා පිරිනමනු ලබන ස්ථාන සංඛ්‍යාව ඉතා සීමිත වන අතර වර්තමානයේදී මෙය එක් එක් අධ්‍යයන පාඨමාලාව සඳහා පවතින සමස්ත ස්ථාන ප්‍රමාණය අතුරින් 0.5% ක පමණ ප්‍රමාණයක් වේ. විදේශීය සුදුසුකම් සහිත අපේක්ෂකයින් තෝරාගැනීම සිදු කරනු ලබන්නේ පහත දැක්වෙන ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව වේ.

අ) අනෙකුත් රටවල් වල ස්ථානගත වී සිටි / ස්ථානගතව සිටින ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ දූ දරුවන්

ආ) ශ්‍රී ලංකාවේ සේවයෙහි නියුතු විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ දූ දරුවන්

ඇ) තමන් විසින්ම මූල්‍ය පහසුකම් සපයා ගනිමින් ප්‍රවේශයට අයදුම් කරන සාක් රටවල්වල අයදුම්කරුවන්

ඈ) ඉහත (අ) යටතේ ආවරණය නොවන ශ්‍රී ලාංකික අයදුම්කරුවන්

ඉ) ඉහත (ආ) හෝ (ඇ) යටතේ ආවරණය නොවන විදේශීය අයදුම්කරුවන්

 

  1. එක් එක් පාඨමාලාව සඳහා යෝජිත ඇතුලත් කරගන්නා සංඛ්‍යාවෙන් 4.5% දක්වා ප්‍රමාණයක් ස්ථාන වෙන් කරනු ඇත්තේ විදේශයන්හිදී මුදල් ගෙවන පදනම මත සුදුසුකම් ලබාගත් ශ්‍රී ලාංකික හා විදේශීය සිසුන් වෙනුවෙනි. එම නිසා ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උ.පෙළ) විභාගය හා සමාන මට්ටමේ විදේශීය විභාග සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් මේ සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබයි.

 

තෝරාගැනීමේ කටයුතු අවසන් කළ පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව විසින් අදාල තෝරාගත් අයදුම්කරුවන් හට දැනුම්දෙනු ලැබේ.

 

එසේ තෝරාගත් අපේක්ෂකයින් විසින් තමන් අනුයුක්ත කරන ලද අදාල විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී / සහකාර ලේඛකාධිකාරීවරයාගේ (ශිෂ්‍ය ලියාපදිංචි) උපදේශ යටතේ අනුයුක්ත කරනු ලැබූ විශ්ව විද්‍යාලයේ හැකි ඉක්මනින් ලියාපදිංචි වීමට කටයුතු සම්පාදනය කර ගත යුතු වේ.

අයදුම් කිරීම

 



අයදුම් කරන ආකාරය

ප්‍රවේශය සඳහා ඉදිරිපත් කරන සියළුම අයදුම්පත්‍ර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගත හැකි ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු වේ.

 

අ) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ දරුවන්, ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රිපබ්ලික් ගොඩනැගිල්ල, කොළඹ 01, ශ්‍රී ලංකාව හරහා අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්වවිද්‍යාල ප්‍රවේශ), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 වෙත ඔවුන්ගේ අයදුම්පත් එවිය යුතු වේ.

 

ආ) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන විදේශීය ශිෂ්‍යයින් තම රටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රිපබ්ලික් ගොඩනැගිල්ල, කොළඹ 01 හරහා අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්ව විද්‍යාල ප්‍රවේශ), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනය වෙත තම අයදුම්පත් එවිය යුතු වේ.

 

ඇ) විදේශ සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික සිසුන් සෘජුවම තම අයදුම්පත් අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු හා විශ්ව විද්‍යාල ප්‍රවේශ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට එවියයුතු වේ.

 

ඈ) එවනු ලබන සෑම අයදුම්පතක් සමගම අයදුම්පත් ක්‍රියාවලිය සඳහා ගාස්තු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 10 ක බැංකු ඇපකරයක් එවිය යුතු වේ. අයදුම්පත් ක්‍රියාවලිය සඳහා ගාස්තුව නොමැතිව එවනු ලබන අයදුම්පත් ප්‍රවේශය සඳහා සලකා බලනු නොලැබේ.

 

ඉ) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය බලාපොරොත්තු වන සියළුම පාකිස්තානු ජාතිකයින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, පාකිස්තානු රජය, ඉස්ලාමාබාද් වෙතින් ලබාගත් “විරෝධතාවයක් නොමැති බවට සහතිකයේ” මුල් පිටපත සිය අයදුම්පත්‍රයට ඇමිණිය යුතු වේ.

 

ඊ) සිය අයදුම්පත්‍රය සමගින් අවශ්‍ය කරන සියළුම ලිපිලේඛන ද ඉදිරිපත් කර ඇති බව සහතික කර ගැනීම අයදුම්කරුවාගේ වගකීම වේ. අදාල බලධාරීන් විසින් සියළුම ලිපිලේඛන සහතික කර තිබිය යුතුය‍.

 

උ) ප්‍රවේශය සඳහා යෝජිත දිනට මාස 03 ක්වත් ප්‍රථමයෙන් ප්‍රවේශය සඳහා වන සියළුම අයදුම්පත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම්වරයා (අධ්‍යයන කටයුතු හා විශ්වවිද්‍යාල ප්‍රවේශ) වෙත ලැබෙන්නට සැලැස්විය යුතු වේ.

 

ඌ) අයදුම්පත්‍රය සමගින් අදාල සියළුම ලිපිලේඛන හා සහතික ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් විදේශීය අංශය සඳහා හිමි කොටස යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.

 

එ) 2011 / 2012 වර්ෂයේ අයදුම්පත් සඳහා අවසානදිනය 2012 මැයි 15 වේ.

පාඨමාලා ගාස්තු

 

විදේශ ශිෂ්‍යයින් සඳහා පාඨමාලා ගාස්තු

අයදුම්පත ලැබුණු බව දැන්වීම

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අයදුම්පත ලැබීමෙන් පසුව, එම අයදුම්පත ලැබුණු බව වහාම අයදුම්කරුවා වෙත දැනුම් දෙනු ලැබේ. අයදුම්පත ලැබුණු බව දන්වන කාඩ්පතින් පෙන්නුම් කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අයදුම්පත ලැබුණු බව පමණක් වන අතර එම අයදුම්පත පිළිබඳව කටයුතු කර අවසන් බව ඉන් අදහස් නොවේ.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: