site map 1

 

English (UK)TamilIndia

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්ව විද්‍යාල

අනුමැතිය ලබාගැනීමට ගත වන කාලය කොපමණද ?


අනුමැතිය ලබාගැනීමට ගත වන කාලය එම නිවාඩු වර්ගය මත තීරණය වේ. නිල නිවාඩු ලබාගැනීමට අගමැතිවරයාගේ අනුමැතිය වුවමනා කරන අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි අනුමැතිය ලබාගැනීමට සතියකට ආසන්න කාලයක් ගත වේ. පෞද්ගලික නිවාඩු අනුමත කරනු ලබන්නේ ගරු අමාත්‍යවරයා විසින් වන අතර ඊට ගත වන කාලය දින 2 – 3 දක්වා වේ.


අමාත්‍යාංශ අනුමැතිය සඳහා අයදුම්පත යොමු කළ යුත්තේ කුමන කාලයේදීද ?


පිටත් වීමට දින 14 ට පෙර අයදුම්පත්ඉදිරිපත් කළ යුතු වේ.


විදේශගත වීම සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය කරන ලිපිලේඛන කවරේද


ලිපිලේඛන

  • 16 වන පරිශිෂ්ඨය (උපකුලපතිවරු හා විශ්වව ිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සියළුම දෙනා සඳහා අයදුම්පත්‍රය)

  • 17 වන පරිශිෂ්ඨය (උපකුලපතිවරු / වි.ප්‍ර. කොමිසමේ සභාපතිවරයා සඳහා අයදුම්පත්‍රය)

  • ආරාධනා ලිපිය (නිල නිවාඩු සඳහා)

  • ආධාර ලැබීමේ ලිපිය (බාහිර පාර්ශ්වයන් විසින් අරමුදල් සපයන්නේ නම්)

  • සාධාරණීකරණය කිරීමේ ලිපිය (එකම වසර තුළ නිලධාරියා 3 වරකට වඩා විදේශගත වී ඇත්නම්)

  • ඉහත කී ලිපිලේඛන වල පිටපත් 3 බැගින්


නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: