site map 1

 

SinhalaSriLankaTamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර

 58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව සරසවි සිසු අයිතියට  

   “සියලු සරසවි සිසුන්ට නේවාසිකාගාර' තේමාව යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ආරම්භ කරන ලද සරසවි නේවාසිකාගාර 60 ව්‍යාපෘතියේ 58වැනි නේවාසීකාගාරය පසුගියදා එනම් 2017/02/15 වැනි දින සිසු අයිතියට පැවරීම උසස්  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩී.සී.දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සබරගමුව සරසවියේ දී සිදු විය. කාමර 104කින් සමන්විත මෙම නේවාසිකාගාරයෙන් පහසුකම් සැපයිය හැකි සිසුන් ගණන සිසුන් 416කි.  

ceremony

 

  ඒ සඳහා දරණ ලද වියදම රුපියල් මිලියන 220කි. මෙම ව්‍යාපෘතියේ 59 වැන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද අවසාන ගොඩනැඟිල්ල එනම්ර 60 වැන්න රජරට විශ්වවිද්‍යාලයේ ද 2017 මාර්තු මස විවෘත කිරීමට නියමිතය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කරන ලද සමස්ත වියදම රුපියල් බිලියන 13.4කි. වසරකට සිසුන් 24,000කට මෙම ව්‍යාපෘති මඟින් නේවාසිකාගාර පහසුකම් සැපයේ.  

ceremony

 

 නේවාසිකාගාර ව්යා්පෘතියේ තෙවන අදියර යටතේ නේවාසිකාගාර 24 ක් ඉදිකිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතියේ 2016.01.08 දින නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාරයට මුල්ගල් තැබීමෙන් ආරම්භ කරන ලදී. ඡායාරූපවල දැක්වෙන්නේ අමාත්‍යංශයේ ලේකම් ඩී.සී.දිසානායක, අතිරේක ලේකම් පී.ජී.ජයසිංහ, සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත සහ ලේඛකාධිකාරී හිබතුල් කරීම් යන මහත්වරු මෙම 58 වැනි නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටින අයුරු ය.   

ceremony

Latest News

  • 1
  • 2
  • 3
Online Application For University registration Online Application for University Admission...
Signing in Agreement with Indian Government.  Signing of Agreement for granting of...
Sabaragamuwa University medical Faculty opening.  Opening ceremony of Medical Faculty of...
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...
Laptop Launching Program The Inauguration of Providing Laptops for...
Change of the Ministry Name Name of the Ministry of  Education &...

© 2018  Ministry of City Planning, Water Supply & Higher Education       All Rights Reserved

Solution by: